පාසල් බස් රථයකට බෝම්බ ප්‍රහාරයක් - සිසුන් 6ක් මරුට 38ට තුවාල..

Report

පාකිස්තානයේ බලෝචිස්තාන් පළාතේ පාසල් බස් රථයක් ඉලක්ක කර මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරයක් සිදුකර තිබේ.

මෙම ප්‍රහාරයෙන් පාසල් ළමුන් හයදෙනකු මියගොස් ඇති අතර, තවත් 38 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රවීණ රංගන ශිල්පිනි රූපා පතිරණ හදිසි අනතුරකට

ප්‍රවීණ රංගන ශිල්පිනි රූපා පතිරණ හදිසි අනතුරකට

තුවාලකරුවන්ගෙන් සමහරෙකුගේ තත්ත්වය බරපතළ වන අතර, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට අපේක්ෂා කෙරේ.

මෙම බස් රථය හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පාසලකට ළමුන් ප්‍රවාහනය කරමින් තිබියදී මෙම කාර් බෝම්බ ප්‍රහාරයට ලක්ව ඇත.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයක්

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයක්

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් විසින් භාරගෙන නොමැත.

කෙසේ වුවත්, බලුකිස්තාන් විමුක්ති හමුදාව විසින් මෙම ප්‍රහාරය සිදුකරන්නට ඇතැයි සැකපළ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ලොකෙම දිනන්න ගිය අනුදි විජයත් එක්ක සිනමාවට?..

ලොකෙම දිනන්න ගිය අනුදි විජයත් එක්ක සිනමාවට?..