තරඟයේ ජය කැන්ඩි කණ්ඩායමට...
By Parami Dissanayake
අද (01) පැවැති ලංකා ප්‍රිමියර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය දඹුල්ල සික්සර්ස් කණ්ඩායම කඩුලු 06කින් පරාජයටපත් කරමින් ජයගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් වුණි.
තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත්වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට ආරාධනා කළේය.
එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 179ක් රැස්කළා.
ඒ අනුව , කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 02ක් අවසානයේ ලකුණු 183ක් රැස්කරමින් ජයග්‍රහණය වාර්තාකළේ ය.
කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 65ක් රැස්කළ අතර දසුන් ශානක නොදැවී ලකුණු 46ක් රැස්කළේය.