කැලිෆෝනියාවේ අයහපත් කාලගුණය නරක අතට - ජීවිත තුනක් දැනට බිළිගනියි
අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයට පසුගිය දින කිහිපය පුරා බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් මියගිය සංඛ්‍යාව තුන් දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මිලිමීටර් 270කට අධික වර්ෂාපතනයක් එම ප්‍රදේශවලට ලැබී ඇති අතර, ඒ නිසා ගංවතුර සහ නායයෑම් තත්ත්වයන් ඇතිවී තිබේ.
මෙම සතිය පුරාම අයහපත් කාලගුණ තත්ත්වයන් නිසා කැලිෆෝනියා ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ල විය හැකි බවට කාලගුණ අංශ අනතුරු අඟවා ඇත.
ගංවතුර මට්ටම් ඉහළ යාම නිසා ප්‍රදේශ රැසක වාහන තුළ සිරව සිටි පිරිස් බේරාගැනීමට සහන කණ්ඩායම් ක්‍රියාත්මක වී ඇත.
පසුගිය බදාදා (24) කැලිෆෝනියා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එම බලපෑම් නිසා ලක්ෂයකට ආසන්න පිරිසකට විදුලි සැපයුම අහිමි වී ඇති බව වාර්තා වේ.