නිවසක තිබිලා හමු වූ දේ..බුදු අම්මෝ මෙහෙම දෙයක් ඇති කියල නම් හිතන්නවත් නැතුව ඇති...

Report

ගිනිඅවි හා ජීව පතරොම් සමඟ සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු ඊයේ (17) දහවල් කාලයේ කටුනායක පොලිස් වසමේ හීනටියන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙවර අයවැයෙදී ගොවි මහතුන් අහන්න බලන් හිටපු සුබ පණිවුඩය...

මෙවර අයවැයෙදී ගොවි මහතුන් අහන්න බලන් හිටපු සුබ පණිවුඩය...

අත්අඩංගුවට ගත් සැකකරු හීනටියන, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි.

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි පොලීසිය සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව නිවසක් පරීක්ෂා කර තිබුණි.

පොල් හිඟය විසඳන්න අයවැයෙන් යෝජනා...

පොල් හිඟය විසඳන්න අයවැයෙන් යෝජනා...

එහිදී 9mm වර්ගයේ ජීව පතරොම් 47ක් සහ බෝර 12 වර්ගයේ ජීව පතරොම් 20ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගේ නිවස වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී, විදෙස් රටක නිෂ්පාදිත රිපීටර් වර්ගයේ ගිනිඅවි 02ක් හා හිස් පතරොම් ගැබ් 02ක්, විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් හා හිස් පතරොම් ගැබ් 02ක්, වාහන අංක තහඩුවක් හා රක්ෂණ කාඩ්පතක්, ගිනිඅවි බලපත්‍ර අළුත් කිරීමේ කුවිතාන්සිපත් 03ක් පොලිස් භාරයට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.


You may like this video