මෙවර අයවැයෙදී ගොවි මහතුන් අහන්න බලන් හිටපු සුබ පණිවුඩය...

Report

වී ගොවිතැන ආරක්ෂා කිරීමේ අරමුණින් මෙවර අයවැයෙන් තීන්දු රැසක් ගෙන තිබේ.

2024 - 2025 මහ කන්නයේ සිට ප්‍රමාණවත් වී තොග පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බව අද (17) පාර්ලිමේන්තුවේ දී අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසීය.

කුලී රථ රියදුරන් පරිස්සමින්..බලන්නකෝ කොහොමද ඔයාටත් මෙහෙම ගමනක් සෙට් වුනොත්..

කුලී රථ රියදුරන් පරිස්සමින්..බලන්නකෝ කොහොමද ඔයාටත් මෙහෙම ගමනක් සෙට් වුනොත්..

එම කන්නය සඳහා රු මිලියන 5,000ක් වී මිලදී ගැනීමට වෙන්කර ඇතැයි ද පැවසු ජනාධිපතිවරයා, පොහොර සහනාධාරය සඳහා මේ වසරට රු මිලියන 35,000ක් වෙන්කරන බව ද කියා සිටියේය.

කෘෂිකර්මාන්තයට අදාළව යාවත්කාලීන කළ දත්ත සහ තොරතුරු පද්ධතියක් ස්ථාපිත කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

මෙවර අයවැයෙන් නව ගමනාන්ත හඳුන්වා දෙමින්, Brand City නිර්මාණය කීරීමට අපේක්ෂාවක්...

මෙවර අයවැයෙන් නව ගමනාන්ත හඳුන්වා දෙමින්, Brand City නිර්මාණය කීරීමට අපේක්ෂාවක්...

වී සහ සහල් එකතු කිරීමට හා ගබඩා කිරීමට අලෙවි මණ්ඩල පනත සංශෝධනය කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ.

කෘෂිකර්මාන්තය මුලික කරගෙන ව්‍යාපාර ආරම්භ කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා රු මිලියන 500ක් වෙන් කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.  

You may like this video