මෙරට තවත් දැවැන්ත පෙරළියකට කැබිනට් අනුමැතිය හිමිවෙයි.

Sri Lanka Cabinet
By Wayomi Aug 13, 2024 07:02 AM GMT
Wayomi

Wayomi

Report

කොළඹ වරාය නගරය තුළ ජාත්‍යන්තරව පිළිගත් පාසලක්, විශ්ව විද්‍යාලයක් සහ රෝහලක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිවලට ඉඩම් බදු දීම සඳහාවන යෝජිත ක්‍රියාවලියට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ත්‍රිවිධ හමුදාවට සුබ ආරංචියක්. - තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කරයි. - එම පිරිස මෙන්න.

ත්‍රිවිධ හමුදාවට සුබ ආරංචියක්. - තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කරයි. - එම පිරිස මෙන්න.


එමෙන්ම2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථීක කොමිෂන් සභාව පනතේ 6 (1) (ඇ) වගන්තිය මඟින් කොළඹ වරාය නගරය බල ප්‍රදේශය තුළ පිහිටි සහ කොමිෂන් සභාවට පවරා ඇති රජයේ අලෙවි කළ හැකි ඉඩම් බදු දීමට කොමිෂන් සභාව වෙත බලය හිමියි.

හිතා ගන්නවත් පුලුවන්ද? නාම යෝජනා බාරගද්දී මෙච්චර සුපිරි ආරක්ෂාවක් - අනිද්දා මේ පැත්තෙන් යන්න එපා.

හිතා ගන්නවත් පුලුවන්ද? නාම යෝජනා බාරගද්දී මෙච්චර සුපිරි ආරක්ෂාවක් - අනිද්දා මේ පැත්තෙන් යන්න එපා.

 

වැඩි කළ රුපියල් 3000 දීමනාව ඩබල් කරලා රු.. 6000ක්ම විශ්‍රාමිකයින්ගේ අතට ලැබෙන හැටි.

වැඩි කළ රුපියල් 3000 දීමනාව ඩබල් කරලා රු.. 6000ක්ම විශ්‍රාමිකයින්ගේ අතට ලැබෙන හැටි.


ඒ අනුව, කොළඹ වරාය නගරයේ පාසලක්, විශ්වවිද්‍යාලයක් සහ රෝහලක් යන ව්‍යාපෘති සංවර්ධනය කිරීම සඳහා ආයෝජකයින් තෝරා ගැනීමට කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව විසින් යෝජනා කැඳවා ඇත.

අනතුරු ඇඟවීමක්.! Online භාණ්ඩ ඕඩර් කරද්දීත් බලාගෙන. - Facebook - Whatsapp හරහා පෞද්ගලික දත්ත සොරාගැනීමක්.

අනතුරු ඇඟවීමක්.! Online භාණ්ඩ ඕඩර් කරද්දීත් බලාගෙන. - Facebook - Whatsapp හරහා පෞද්ගලික දත්ත සොරාගැනීමක්.


මේ අතර ආසන්න වශයෙන් රෝහල සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100ක්, පාසල සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 25ක් සහ විශ්ව විද්‍යාලය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 25ක් ආයෝජනය කිරීම සඳහාවන යෝජනාවක් ආසිරි වරාය නගරය රෝහල (පෞද්ගලික) සමාගම සහ ගේට්ටේ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල (පෞද්ගලික) සමාගම විසින් ඉදිරිපත් කර තිබෙනවා.

ජල ගාස්තු අඩු වෙයි. - නව මිල ගණන් මෙන්න.

ජල ගාස්තු අඩු වෙයි. - නව මිල ගණන් මෙන්න.


ඒ අනුව, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනතේ 6(1) (ඇ) වගන්තියෙහි විධිවිධාන පරිදි රෝහල, පාසල සහ විශ්ව විද්‍යාලය සඳහා ඉඩම් කොටස් බදු දීම සඳහාවන ගිවිසුම් වලට එළඹීම පිණිස ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කර ඇත.

චම්පික පොහොට්ටුවට ද? සජබ්යටද? - 14 වෙන්න යන දේ ගැන ලැබුණු ආරංචිය මෙන්න.

චම්පික පොහොට්ටුවට ද? සජබ්යටද? - 14 වෙන්න යන දේ ගැන ලැබුණු ආරංචිය මෙන්න.


ReeCha