විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය

Report

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

අද (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය නියෝජනය කරන උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ දීර්ඝ කාලීන වෘත්තීය පළපුරුද්ද සහ නිපුණතාව අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වෙනුවෙන් තවදුරටත් ඵලදායී ලෙස යොදාගැනීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණ වී තිබේ.

මෙහෙම ගියොත් ලංකාවේ අපි හැමෝම ගොඩ - මුළු ලංකාවටම සුබ ආරංචියක් එක්ක ආදායමක් විශාල ලෙස ඉහළට

මෙහෙම ගියොත් ලංකාවේ අපි හැමෝම ගොඩ - මුළු ලංකාවටම සුබ ආරංචියක් එක්ක ආදායමක් විශාල ලෙස ඉහළට

අධිකරණ පද්ධතිය තුළ පවතින නඩු ප්‍රමාදය අවම කිරීම, ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑම හේතුවෙන් ඇතිවන පුරප්පාඩු ඉක්මනින් පිරවීම සහ අධිකරණ ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා ද මෙම පියවර බෙහෙවින් ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙලෙස විශ්‍රාම යෑමේ වයස් සීමාව සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සහ අදාළ පනත් කෙටුම්පත් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පස්වරු පහට රජයෙන් නිකුත් කල විශේෂ නිල නිවේදනයක් - රාත්‍රීය පුරා මුළු ලංකාවම ගිනිබත් වේ සුදානම් වෙන්නයැයි දැනුම්දීමක්

පස්වරු පහට රජයෙන් නිකුත් කල විශේෂ නිල නිවේදනයක් - රාත්‍රීය පුරා මුළු ලංකාවම ගිනිබත් වේ සුදානම් වෙන්නයැයි දැනුම්දීමක්