දුරකථන තියෙන මේ පැතිවල අයට සුභ ආරංචියක්

Report

‘ගමට සන්නිවේදනය’ ව්‍යාපෘතිය ලෙසින් හැදින්වෙන සන්නිවේදන පහසුකම් නොමැති ප්‍රදේශ හා අඩු සන්නිවේදන පහසුකම් සහිත ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශවල විදුලි සංදේශ සේවා වැඩිදියුණු කිරීම මඟින් ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි 4G පුළුල් පරාස සේවා පහසුකම් සපයන ව්‍යාපෘතිය, දියත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2004 අංක 11 දරන මුදල් පනතේ විධිවිධාන යටතේ 2021 වර්ෂයේ සිට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක වන අතර ජංගම දුරකථන සේවා සපයන සමාගම් සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

ලිට්‍රෝ ගෑස් සිලින්ඩර හිඟයක් - මහජනතාව දැඩි ලෙස අපහසුතාවයට

ලිට්‍රෝ ගෑස් සිලින්ඩර හිඟයක් - මහජනතාව දැඩි ලෙස අපහසුතාවයට

මෙහි ප්‍රධානතම ක්‍රියාකාරකම වශයෙන් පිරිවැය බෙදාගැනීමේ ක්‍රමවේදයක් මඟින් සන්නිවේදන කුලුනු ඉදිකරනු ලබන අතර මේ වන විට එම ව්‍යාපෘතිය යටතේ සේවාදායක සමාගම් විසින් සන්නිවේදන කුලුනු 83ක් ඉදි කර ජංගම සේවා පහසුකම් සපයයි.

ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හේතුවෙන් සේවාදායක සමාගම්වල මෙහෙයුම් පිරිවැය ඉහළ යාම සහ ඇතැම් සන්නිවේදන කුලුනු මඟින් උත්පාදනය වන ආදායම ප්‍රමාණවත් නොවීම යන කරුණු මත අදාළ කුලුනු ඉදිකිරීමේ කටයුතු මන්දගාමී වී ඇත.

රියදුරන්ට විශේෂ නිවේදනයක් - හෙට සිට රථවාහන ගමනාගමනයට සීමා

රියදුරන්ට විශේෂ නිවේදනයක් - හෙට සිට රථවාහන ගමනාගමනයට සීමා

කෙසේ වෙතත්, මේ වන විට කුලුණු ඉදිකිරීමට අදාළ උපකරණවල මිල ගණන් පහළ යාමේ ප්‍රවණතාව ද සැලකිල්ලට ගනිමින්, ‘ගමට සන්නිවේදනය’ ජාතික ව්‍යාපෘතිය වේගවත් කර, එම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ වඩාත් කඩිනමින් හා ඵලදායි ලෙස අදාළ ප්‍රදේශවල ජනතාවට ලබා දීමට හැකි වන පරිදි සන්නිවේදන කුලුනක් වෙනුවෙන් එකී කුලුන ඉදි කළ සේවා සපයන සමාගම වෙත රුපියල් මිලියන 35ක උපරිම මුදලක් හෝ එකී සන්නිවේදන කුලුනු ඉදිකිරීම සහ ඊට අදාළ උපකරණ සඳහා වැය වන සත්‍ය පිරිවැයෙන් 75%ක් යන දෙකෙන් අවම අගය ප්‍රතිපූර්ණය කිරීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නව මාර්ගෝපදේශ නිකුත් කර ඇත.

ඒ පිළිබඳව ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කර ඇත.   

වාහන සිහිනය බොඳ වෙයි - නරක ආරංචියක් වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන්

වාහන සිහිනය බොඳ වෙයි - නරක ආරංචියක් වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන්