අද මධ්‍යම රාත්‍රියේ සිට - බස් ගාස්තු පහලට. - අවම ගාස්තු රු.27 - (UPDATE/VIDEO)

Srilanka Bus
By Wayomi Oct 01, 2024 05:36 AM GMT
Wayomi

Wayomi

Report

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කෙරේ.

අවම ගාස්තු රු.27යි.

.....................................................................

ඉන්ධන මිල පහත දැමිම හමුවේ බස් ගාස්තුව සියයට 04කින් අඩුකළ හැකි බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසන අතර එහි ලේකම් අංජන ප්‍රියන්ජිත් සදහන් කළේ රුපියල් 28ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 25 දක්වා අඩුකල හැකි බවයි.

පළමු වරට ජනපති අනුර දැනෙන ගානකින් ඉන්ධන මිල පහල දමයි. - රටම බලන් හිටපු නව ඉන්ධන මිල ගණන් මෙන්න.

පළමු වරට ජනපති අනුර දැනෙන ගානකින් ඉන්ධන මිල පහල දමයි. - රටම බලන් හිටපු නව ඉන්ධන මිල ගණන් මෙන්න.


ඔහු පෙන්වා දෙන්නේ, පසුගිය ගාස්තු සංශෝධනයෙදි ඔටෝ ඩීසල් මිල රුපියල් 11කින් සහ අද සිට ක්‍රියාත්මක වන පරිදි ඔටෝ ඩීසල් මිල රුපියල් 24කින් පහත දැමීම නිසා බස් ගාස්තු අඩුකල හැකි බවයි.

නමුත්, ඉන්ධන මිල පහත දැමුවද ත්‍රීරෝද රථ ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සුදිල් ජයරුක් කියා සිටියේ, ඉන්ධන මිල අඩු වුවද ටයර්, අමතර කොටස්, ලිහිසි තෙල් සහ අනෙකුත් අමුද්‍රව්‍ය වල මිල තවදුරටත් ඉහළ අගයක පැවතීම ඊට හේතු බවත්, පෙට්‍රල් මිල 300ට වඩා අඩු කළ හොත් ත්‍රීරෝද රථ ගාස්තු අඩු කළ හැකි බත්ය.

ජනාධිපති අනුරගේ ආණ්ඩුවේ පළමු අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම ඇරඹෙයි. - (VIDEO)

ජනාධිපති අනුරගේ ආණ්ඩුවේ පළමු අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම ඇරඹෙයි. - (VIDEO)

දඬුවම සැරයි. - මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සියල්ල අහෝසියි.- අහෝසි කළ සියල්ල මෙන්න.

දඬුවම සැරයි. - මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සියල්ල අහෝසියි.- අහෝසි කළ සියල්ල මෙන්න.