ඊයේ වැඩි කරපු බස් ගාස්තුව ආයෙත් ඉහළ යයිද? නලින්දගෙන් පැහැදිලි කිරීමක්
එළැඹෙන ජූලි මස ක්‍රියාත්මක වීමට නියමිත ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය මත යළිත් වරක් බස් ගාස්තු සංශෝධනය විය හැකිද යන්න කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් කරුණු දැක්වීමක් සිදු කර ඇත.
ඒ අද (24) දින පැවැති කැබිනට් තීරණ දැම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදීයි.
එම අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ එළැඹෙන ජූලි මස 31 වැනි දින ක්‍රියාත්මක වීමට නියමිත ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය මත යළිත් වරක් බස් ගාස්තුවේ සංශෝධනයක් සිදුවිය හැකි ද යන්නයි.
එයට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මැදපෙරදිග යුදමය තත්ත්වය අනුව යම් යම් තීරණ ගැනීමට සිදුවන බවත් ඒ අනුව එම තීන්දු තීරණ අවශ්‍ය වේලාවන්හිදි ගැනීමට සිදුවන බවයි.
එසේ වුවත් රජයක් වශයෙන් ජනතාවට සහන ලබා දෙමින් කටයුතු කරන බව වැඩිදුරටත් පැවසූ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ යම් හෙයකින් ඉන්ධන මිල අඩු වුවහොත් එහි සහනය ජනතාවට ලබා දෙමින් ඉහළ ගොස් ඇති බස් ගාස්තුව නැවත පහළ දැමීමට හැකිවනු ඇති බවයි.
දිනපතා පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලි පාරිභෝජනය අවම කරන්න - චතුරංග රටින්ම ඉල්ලයි
"මම හිතන්නේ නෑ එහෙම අවශ්‍යතාවයක් පැන නගී කියලා. මොකද මේ වෙලාවේදි මැදපෙරදිග යුදමය තත්ත්වයක් තිබෙනවා. එම තත්ත්වය නිසා ඉන්ධන මිල වැඩි කරන්න සිද්ධ වුණා. අපි හිතනවා ඉදිරියේදී තිබෙන තත්ත්වය අනුව තමයි තීන්දු කරන්න වෙන්නේ ඒක. යුද්ධය තත්ත්වය වර්ධනය වෙලා සැපයුම් දාමය කඩා වැටුණොත් එහෙම තීන්දු ගන්න සිද්ධ වෙනවා. නමුත් අපි පුළුවන් තරම් ජනතාවට සහන ලබා දෙමින් තමයි කටයුතු කරන්නේ. නමුත් තෙල් මිල අඩුවෙලා රජයත් සහන ලබා දීලා යම් ප්‍රමාණයකට තෙල් මිල අඩු වුණාට පස්සේ යළිත් මේ ගැන සාකච්ඡා කරන්න පුළුවන්."