දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ භයානක ගිනි ගැනීම
By Zara
අද (28) දින දහවල්, දක්ෂිණ අධිවේගී මාර්ගයේ 32 -7R කණුව ආසන්නයේ දී සුඛෝපභෝගී බස් රථයක් ගිනි ගෙන තිබෙනවා.
ඒ පිළිබඳව පොලිසිය පැවසුවේ, මාතර සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව තිබෙන බවයි.
රථය ගින්ගන්නා අවස්ථාවේ දී එහි රියදුරු සහ රිය සහායකයා පමණක් රැඳී සිට ඇති අතර ගින්නෙන් ඔවුන්ට කිසිඳු හානියක් සිදුවී නොමැති බවයි.
මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගිනි නිවීමේ ඒකකය විසින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.