බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදු වූ බිහිසුණු අනතුර..
By Piyumika
මහඔය - අරලගංවිල මාර්ගයේ එම්.ඩී.කේ වැවට හැරෙන හන්දිය ආසන්නයේදී පුද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුවී ඇති බව වර්තා වේ.
පොලිසිය පැවසුවේ අනතුරින් පුද්ගලයින් 22දෙනෙකු තුවාල ලබා මහඔය රෝහලට ඇතුළත් කළ බවයි.
තුවාල ලැබූවන් අතර පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු, කාන්තාවන් 12දෙනෙකු, පිරිමි ළමුන් 06දෙනෙකු සහ ගැහැණු ළමුන් දෙදෙනෙකු වේ.
මහඔය දෙස සිට අරලගංවිල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් පුද්ගලික බස් රථයක ගැටී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය .
අනතුර සම්බන්ධයෙන් එක් බස් රථයක රියදුරෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මහඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.