බක් පුර පසළොස්වක පොහොය අදයි

Report

බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (01) යෙදී ඇත. අද වැනි පොහොය දිනයක ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකා ගමනය සිදුව ඇත්තේ වීම විශේෂත්වයකි.

චූලෝදර – මහෝදර නා රජුන් අතර මැණික් පුටුවක් හේතුවෙන් ඇතිවන්නට ගිය ගැටුම නිරාකරණය කිරීමේ අරමුණ ඇතිව බුදුරදුන්ගේ දෙවැනි ලංකා ගමනය සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්ය .

එමෙන්ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලෙකුගේ රුව දැකීම සිදුව ඇත්තේද බක් පුර පසළොස්වක පොහෝ දිනකයි.

බක් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් අද උදෑසන සිටම දිවයිනේ වෙහෙර විහාරස්ථානවල ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් රැසක් සිදු කරනු ලබයි