විශ්ව විද්‍යාලයක අමානුෂික නවක වදය හේතුවෙන් සිසුන් පිරිසකට අත් වූ ඉරණමක්.

By Wayomi Jul 17, 2023 09:56 AM GMT
Report

අනුරාධපුර විශ්ව විද්‍යාලයේ අමානුෂික නවක වදය ඉවසාගත නොහැකිව සිසුන් 8 දෙනකු මේ වන විට පාඨමාලාව හැරගොස් තිබෙනවා.

එමෙන්ම ඇතැම් සිසුන් දැඩි මානසික ආතතියෙන් පෙළෙමින් සිටින බවද වාර්තා වෙනවා.

ඒ, විශ්ව විද්‍යාල විද්‍යායතනය උසස් තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා මීට මාසයකට පෙර පමණ පෙර බදවා ගත් සිසු සිසුවියන් පිරිසක්.

විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ පිරිමි සිසුන් විසින් නවක සිසුන් නානකාමර වෙත කැඳවාගෙන ගොස් සියලුම ඇඳුම් බලහත්කාරයෙන් ගලවා නවක සිසුවියන්ට එම දර්ශනය නැරඹීමට සලස්වන බවයි වාර්තා වන්නේ.

මේ අතර ඇතැම් දිනවල රාත්‍රී කාලයේ නවක සිසුවියන්ව සිටින නවාතැන්පළට ගොස් ඔවුන්ගේ මව්වරුන් සිහිපත් කර පරුෂ වචනයෙන් බනින බව ද සඳහන්.