දෙයියනේ මෙහෙම දෙයක් තමන්ගේ සහෝදරයට කරන්නේ කෝමද?
පමුණුගම, සේදවත්ත ප්‍රදේශයේ දී මුගුරකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇත.
පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා පමුණුගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස්ව සිටි බව පොලීසිය සදහන් කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි කඹුරුගමුව, වූතුඩැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.
මූලික විමර්ශනයේදී පොලිස් අනාවරණය වී තිබෙනුයේ සිය වැඩිමහල් සහෝදරයා සමග කලක සිට තිබූ ආරවුලක් දුරදිගයාම හේතුවෙන් ඔහු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි.
එම ඝාතනය සම්බන්ධයෙන් 36 හැවිරිදි වැඩිමහල් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ .
මෙම සිදුවීම සම්බන්ධව පමුණුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.