වහාම කොස්ස හා ඉදල තහනම් කෙරේ..?
By Sewvandhi
මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ, ප්ලාස්ටික් ඉදල් සහ කොසු ආනයනය වහාම තහනම් කළ යුතු බවයි.
ඔවුන් මේ පිළිබඳව පෙන්වා දුන්නේ පරිසරය, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික කාරක සභාවේදීයි.
එම කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම සඳහන්කර සිටියේ, මේ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරන බවයි.
එමෙන් ම ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීම සඳහා ලන්ච්ෂීට් භාවිතය තහනම් කිරීම සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද එම කාරක සභාවේදී අවදානය යොමු වූ බවයි වැඩිදුරටත් වාර්තා වූයේ.
Sponsored By Sarrita Jewellery