දැක්කොත් කියන්න , හමුදා ලොක්කෙක් අත්අඩංගුවට

Report

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දී එහි ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියරිවරයකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන කරන බව කුරුඳුවත්ත පොලිසීය කියයි.

 

"අනේ සිකියුරිටි අංකල් මාව බේරගන්න" - අම්ශිකා දැරියගේ නඩුවේ සාක්ෂි කැදවයි

"අනේ සිකියුරිටි අංකල් මාව බේරගන්න" - අම්ශිකා දැරියගේ නඩුවේ සාක්ෂි කැදවයි

පහරකෑ ආරක්ෂක නිලධාරීහු දෙදෙනා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිනි. කොළඹ ප්‍රධාන පෙළේ පාසල් දෙකක් අතර පැවැත්වෙන එක් දින ක්‍රිකට් තරගයකට පෙර සුදානමක් ඉකුත් 18 වැනිදා එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දී පවත්වා ඇත.

එම එක් පාසලක ආදි ශිෂ්‍යයකු වන සැකකාර බ්‍රිගේඩියර්වරයා, ඊට පෙර දින (17) රාත්‍රියේදී එම ක්‍රීඩාංගණයට භාණ්ඩ වගයක් රැගෙන පැමිණ ඇතැයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.

කොල්ලට ගහලා කෙල්ලව උස්සන් ගිහින් (VIDEO)

කොල්ලට ගහලා කෙල්ලව උස්සන් ගිහින් (VIDEO)

එම භාණ්ඩ රැගත් වාහනය ක්‍රීඩාංගණයට ඇතුළු කර උඩු මහලකට එම භාණ්ඩ රැගෙන යෑම සඳහා විදුලි සෝපානය ක්‍රියාත්මක කරන ලෙස එහි සිටි පෞද්ගලික ආරක්ෂක සමාගමක ආරක්ෂක නිලධාරියාට බ්‍රිගේඩියර්වරයා පවසා ඇති අතර, එහි යතුරු නොමැති බවට ආරක්ෂක නිලධාරියා පැවසීමෙන් අනතුරුව උරණ වූ බ්‍රිගේඩියර්වරයා, ආරක්ෂක නිලධාරියාට බැණ වැදී ඔහුගේ කනට සහ මුහුණ ප්‍රදේශයට පහරදී ආවේගශීලීව හැසිරී ඇති බව පොලිසිය පවසයි.

එම අවස්ථාවේදී එම පහරදීමෙන් සහෝදර ආරක්ෂක නිලධාරියා බේරා ගැනීමට තවත් ආරක්ෂක නිලධාරියකු එම ස්ථානයට පැමිණ ඇති අතර, ඔහුටද පෙර ආකාරයෙන්ම සැකකාර බ්‍රිගේඩියර්වරයා පහර දුන් බව එම ආරක්ෂක නිලධාරීන් දෙදෙනා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.

පහර දුන් බව කියන සැකකාර යුද හමුදා බ්‍රිගේඩියර්වරයා අනුඛණ්ඩයක ප්‍රධානියකු බවට මේ වන විට තොරතුරු ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. පහර කෑ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා මොරටුව සහ ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.