අල්ලස් කොමිසමෙන් වත්කම් ප්‍රකාශ නොකළ විනිසුරුවරුන්ට එරෙහිව නඩු

Report

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්, නිසි පරිදි වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ අධිකරණ විනිසුරුවරුන්, නිලධාරීන් සහ කම්කරු විනිශ්චයකාර සභාපතිවරුන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව අධිකරණ සේවා කොමිෂන් සභාවට දැනුම් දී ඇති බව වාර්තා වේ.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්, මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා විසින් මෙම බව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්, මහාධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇත.

හිටපු ඇමති විජයදාසට කෝටි 130ක් වන්දි ගෙවන්න බැරිව ලේක් හවුස් හිරවෙලා

හිටපු ඇමති විජයදාසට කෝටි 130ක් වන්දි ගෙවන්න බැරිව ලේක් හවුස් හිරවෙලා

2025 වර්ෂයට අදාළ වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා නියමිත අවසාන දිනය 2025 ජුනි 30 වන දින වන අතර, දඩ මුදල් අයකරන කාලය 2025 ජූලි 01 සිට අගෝස්තු 31 දක්වා පැවතිණි.

මේ අනුව, 2025 සැප්තැම්බර් 01 වන දින වන විටත් තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ තැනැත්තන්ට එරෙහිව 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 90(5) වගන්තිය යටතේ නෛතික ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපියේ සඳහන් වේ.

හෙට සිට පාසල් අධ්‍යයන කටයුතුවලින් ඉවත් වෙනවා - සමස්ත ලංකා ගුරු සංවර්ධන නිලධාරී සංගමය

හෙට සිට පාසල් අධ්‍යයන කටයුතුවලින් ඉවත් වෙනවා - සමස්ත ලංකා ගුරු සංවර්ධන නිලධාරී සංගමය

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතා විසින්, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මෙම ලිපිය පිළිබඳව අවධානය යොමු කරන ලෙස සියලුම මහාධිකරණ විනිසුරුවරුන්, අධිකරණ නිලධාරීන් සහ කම්කරු විනිශ්චයකාර සභාපතිවරුන් වෙත දැනුම් දී ඇත.

මෙම දැනුම්දීම මගින් වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ වගකීම අධිකරණ නිලධාරීන්ට තවදුරටත් මතක් කර ඇති අතර, එය නොසලකා හැරීමෙන් ඇතිවිය හැකි නෛතික ප්‍රතිවිපාක පිළිබඳව අනතුරු ඇඟවීමක් ලෙස සැලකේ.

සෞන්දර්ය විෂය තෝරගත් සිසුන්ට පණිවිඩයක් විෂය ගැන අගමැතිනි හරිනිගෙන් තීරණයක් - ඉදිරියට සෞන්දර්ය විෂය විභාගයට නෑ?

සෞන්දර්ය විෂය තෝරගත් සිසුන්ට පණිවිඩයක් විෂය ගැන අගමැතිනි හරිනිගෙන් තීරණයක් - ඉදිරියට සෞන්දර්ය විෂය විභාගයට නෑ?