අල්ලස් දැලේ පැටලුණු පොලිස් සැරයන්
රුපියල් 20,000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී හැටන් පොලිස් කොට්ඨාසයේ විශේෂ විමර්ශන අංශයේ රාජකාරි කළ සැරයන්වරයෙකු අල්ලස් හා දූෂණ විමර්ශණ ඒකකයේ නිලධාරින් විසින් අද (11) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නිධන් නඩුවක් සම්බන්ධයෙන් වග උත්තරකරුවන්ගෙන් මෙම මුදල ලබා ගැනීමට සැරයන්වරයා සැලසුම් කර තිබේ.
අනතුරුව සැකකාර සැරයන්වරයා අධිකරණයේ වැසිකිලිය තුළ දී අල්ලස් මුදල ලබා ගනිද්දි අල්ලස් හා දූෂණ විමර්ශණ ඒකකයේ නිලධාරීන්ට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.