අල්ලස් ගත් පොලිස් කොස්තාපල්ට වැඩ වරදී

Report

 ආරච්චිකට්ටුව පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු විසින් රුපියල් 1,500ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීම සම්බන්දයෙන් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් හට අඩිප්පල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව ඊයේ (14) පස්වරුවේ බණ්ඩාරහේන කයිසර් බයිබල් දේවස්ථාන භූමිය තුළ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

කැනඩා ඉතිහාසය වෙනස් කළ ගැරී ආනන්දසංගරී!

කැනඩා ඉතිහාසය වෙනස් කළ ගැරී ආනන්දසංගරී!

විදේශගත වීමට අවශ්‍ය පොලිස් නිශ්කාෂණ වාර්තාව ලබාදීම සඳහා සුදුසු බවට නිර්දේශ කරනු ලබන වාර්තාව ලබාදීම වෙනුවෙන් පළමුවෙන් රුපියල් 2,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා පසුව ඉන් රු.500 ක් අඩුකර රුපියල් 1,500 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු හලාවත මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අදත් උඩරට දුම්රියක් පීලි පනී

අදත් උඩරට දුම්රියක් පීලි පනී

 

ඔත්තුවක් නිසා පත්තු වුන වෙඩිල්ල... මෙන්න ඇත්ත

ඔත්තුවක් නිසා පත්තු වුන වෙඩිල්ල... මෙන්න ඇත්ත