අසූමහා ශ්‍රාවක පිළිම වහන්සේලා හය නමක් ඊයේ රෑ කඩා දමයි..සිදුකළ මහා විනාශයක මහත.

By Aruna Jan 01, 2025 05:38 AM GMT
Report

සීගිරිය පව්ව ඉදිරිපිට පිහිටා ඇති සීගිරිය විහාරස්ථානයේ පිහිටුවා ඇති අසූමහා ශ්‍රාවක පිළිම වහන්සේලා හය නමක් වන අලි විසින් කඩා දමා තිබෙන බව වාර්තා වනවා.

කුසල් මෙන්ඩිස් ඉතිහාසගත ලෝක වාර්තාවක් තබයි..

කුසල් මෙන්ඩිස් ඉතිහාසගත ලෝක වාර්තාවක් තබයි..


විහාරාධිපති පුබ්බිලියේ ධම්මානන්ද හිමියෝ පැවසූවේ, ඊයේ (31) අලුයම කඩාවැදුණු වන අලි රංචුවක් පිළිම වහන්සේලාට මේ ආකාරයෙන් හානි සිදුකර විහාරස්ථානයේ ගස් කොළන්වලටද අලාභ හානි සිදුකොට ඇති බවයි.

සිගිරි නගරයේ මෙම වන අලි උවදුර පිළිබඳව තවදුරටත් තමන් නිහඬව බලා නොසිටින බවත් කඩිනමින් මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු නොකළහොත් සීගිරියේ ජනතාව සමග අරගලයකට සූදානම් වන බවත් උන්වහන්සේ සඳහන් කළා.

පාසල් දරුවන්ට රුපියල් 6000ක දීමනාව ලැබෙන හැටි මෙන්න..තෝරා ගන්නා විදිය ගැනත් කියයි.

පාසල් දරුවන්ට රුපියල් 6000ක දීමනාව ලැබෙන හැටි මෙන්න..තෝරා ගන්නා විදිය ගැනත් කියයි.


උන්වහන්සේ අවධාරණය කළේ, සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන ජනතාවගේ සහ ප්‍රදේශවාසීන්ගේ ධන පරිත්‍යාගයෙන් වසර ගණනාවක් තිස්සේ විශාල කැප කිරීමක් කරමින් මෙම අසූමහා ශ්‍රාවක බුදු පිළිම වහන්සේලා හය නමක් ඉදිකළ බවයි.  

You May Like This Video