පාසල් දරුවන්ට රුපියල් 6000ක දීමනාව ලැබෙන හැටි මෙන්න..තෝරා ගන්නා විදිය ගැනත් කියයි.

By Aruna Jan 01, 2025 02:45 AM GMT
Report

අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල දරුවන් සඳහා පාසල් උපකරණ සහ ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමට රුපි‍යල් 6,000ක දීමනාව ලබාදීමේදී ඔවුන් තෝරාගැනීම පාසල් මට්ටමින් සිදුකරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ දින කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේදී ප්‍රකාශ කරනු ලැබුවා.

බැංකු ගිණුම් හිමියන්ට ගහන 10% ක බද්ද අවුරුදු 18 ට අඩු අයගේ ගිණුම් වලටත් ගහයි ද?..වෙනදේ මෙන්න.

බැංකු ගිණුම් හිමියන්ට ගහන 10% ක බද්ද අවුරුදු 18 ට අඩු අයගේ ගිණුම් වලටත් ගහයි ද?..වෙනදේ මෙන්න.


ඒ අනුව, කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, එම සහනය ලැබිය යුතු දරුවන් සම්බන්ධයෙන් සොයාබලා ලේඛන සකස් කරන ලෙස විදුහල්පතිවරුන්ට අවස්ථාව ලබා දී ඇති බවයි.

මේ අතර, රාජ්‍ය ආයතන ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් වන ගැටලු‍ විමර්ශනයට, ඒකකයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවද වාර්තා වනවා.

2025 නව වසරෙ ඔබේ ලග්නෙට කොහොම වෙයි ද ? මෙන්න සියලුම ලග්න හිමියන්ට විශේෂ දැනුම්දීමක්.(VIDEO)

2025 නව වසරෙ ඔබේ ලග්නෙට කොහොම වෙයි ද ? මෙන්න සියලුම ලග්න හිමියන්ට විශේෂ දැනුම්දීමක්.(VIDEO)


ඒ අනුව, වත්මන් රාජ්‍ය ආයතන ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඉදිරිපත්වන මහජන පැමිණිලි කරුණු දැක්වීම මෙන්ම විවිධ මූලාශ්‍රවලින් වාර්තාවන තොරතුරු සම්බන්ධයෙන් විමර්ශනය කිරිමට ද මෙම ඒකකය පිහිටුවා ඇති බවයි පැවසෙන්නේ.

එම කරුණූ විමර්ශනයට අමාත්‍යාංශ මට්ටමින් දීප ව්‍යාප්ත සේවාවක පළමු ශ්‍රේණීයේ නිලධාරියෙකු හෝ විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධ අත්දැකීම් සහිත පළමු ශ්‍රේණියේ විධායක නිලධාරියෙකුගේ ප්‍රධානත්වයෙන් මෙම ඒකකය පිහිටු වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබීම විශේෂත්වයක්.

You May Like This Video