"ජනපති ශම්මිට ඉවත් වෙන්න කිව්වේ නැහැ" - රජයෙන් නිල ප්‍රකාශයක් එයි

Report

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ශම්මි සිල්වාට ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා විසින් දැනුම්දී ඇති බවට පළ වූ වාර්තා අසත්‍ය බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර ඇත.

අද (22) පස්වරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාට එවැනි ඉල්ලා අස්වීමක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් කිසිදු දැනුම්දීමක් සිදු කර නොමැති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

ශම්මි සිල්වාට ඉල්ලා අස්වෙන්නැයි ජනපති අනුර දැනුම් දෙයි - ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්වීමේ සූදානමක්

ශම්මි සිල්වාට ඉල්ලා අස්වෙන්නැයි ජනපති අනුර දැනුම් දෙයි - ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්වීමේ සූදානමක්