බොරලැස්ගමුවේ 74 හැවිරිදි වියපත් අයට වෙඩි තබා මරාදැමූ පාතාල යතුරුපැදිකරු මාකුඹුරේදී මාට්ටු

Report

බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේ නිවසක පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදුන් සැකකරුවෙකු හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඊයේ (09) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් මස 4 වැනිදා යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ නිවසේ රැඳී සිටි 74 හැදි පුද්ගලයෙකුට පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතබා පලාගොස් තිබිණි. මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්විය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කළ හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්, ඊයේ සවස මාකුඹුර නිදහස් මාවතට හැරෙන හන්දිය අසලදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් වූ සැකකරු 29 හැවිරිදි ගොඩගම, හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු අදාළ ඝාතනය සිදුකළ යතුරුපැදියේ පැදිකරු ලෙස ක්‍රියාකර ඇති බව ලීසිය පැවසීය. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු මේ වනවිට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබේ.

අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්

අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්

2026 සාමාන්‍ය පෙළ විභාග කාලසටහන එළියට- විභාග දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්

2026 සාමාන්‍ය පෙළ විභාග කාලසටහන එළියට- විභාග දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්