දේශපාලන රැළියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්..44ක් මිය යයි..15 කට බරපතලයි..
By Aruna
පාකිස්තානයේ බාජූර් හී ඉස්ලාමීය පක්ෂයක් විසින් සංවිධානය කරන ලද දේශපාලන රැළියකට එල්ල වු බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස 44 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ප්‍රහාරයෙන් පුද්ගලයින් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර ඉන් 15 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.
මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවට මේ වනවිට අනාවරණය වී ඇති අතර මරණ සංඛ්‍යාව ද තවදුරටත් ඉහළ යා හැකි බව පාකිස්තාන සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.
ප්‍රහාරය සිදුකළ ත්‍රස්ත සංවිධානය හෝ ප්‍රහාරයේ අරමුණ තවදුරටත් තහවුරු වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කළේ.