කිලිනොච්චියේ නිවසක බෝම්බයක් පිපිරෙයි, දෙදෙනෙකුට බරපතළ තුවාල
කිලිනොච්චියේ තට්ටුවන්කොට්ටි හී පිපිරීමක් සිදුව ඇත.
අඳාළ පිපිරීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ඒ අනුව අබලන් වූ නිවසක කැණීම් කටයුතුවලට ගිය පුද්ගලයින් දෙදෙනෙකු තම වැඩ කටයුතු කරමින් සිටියදී එම නිවසේ භූගතව තිබූ බෝම්බයක් පිපිරී යාමෙන් අඳාළ අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
මෙම පිපිරීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා හදිසි ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධව කිලිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව පවසයි.
