දුම්රිය ස්ථානයක බෝම්බ පිපිරීමක්..13ක් මියගොස් 25ක් තුවාල ලබයි..
By Aruna
අද උදෑසන සිදුවූ බෝම්බ පිපිරීමකින් නිරිතදිග පකිස්තානයේ අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් 25 දෙනෙකු තුවාල ලබා ඇති බවයි රොයිටර්ස් පුවත් සේවය පවසනවා.
ජ්‍යෙෂ්ඨ පොලිස් මෙහෙයුම් අධිකාරී මුහම්මද් බලොච් පවසා ඇත්තේ,ක්වෙටා හි දුම්රිය ස්ථානයක පෙෂාවර් බලා යන සීඝ්‍රගාමී දුම්රිය ගමනාන්තය බලා පිටත්ව යාමට සූදානම්ව සිටියදී දුම්රිය ස්ථානය තුළ පිපිරීම සිදුවී ඇති බවයි.
දකුණේ වර්ධනයවන බෙදුම්වාදී කැරැල්ලක් සමඟ පොරබදමින් සිටින පකිස්තානයේ සටන්කාමී ප්‍රහාරවල වැඩිවීමක් මේ දිනවල දක්නට ලැබෙන බව ද වාර්තා වනවා.