බෝල්ට්ගේ ඊළඟ සුපිරි පිම්ම - ලොව වේගවත්ම මිනිසා ප්‍රිමියර් ලීග් තරු සමඟ පාපන්දු පිටියට
ලොව වේගවත්ම මිනිසා ලෙස ප්‍රකට ජැමෙයිකාවේ හිටපු ඔලිම්පික් ශූර උසේන් බෝල්ට් ඉරිදා ලීග් පාපන්දු තරගයකට සහභාගී වීමට සූදානම් වන බව වාර්තා වේ.
මැන්චෙස්ටර් ප්‍රදේශයේ Wythenshawe FC Veterans කණ්ඩායම නියෝජනය කරමින් බෝල්ට් තරග කිරීමට නියමිත අතර, එම කණ්ඩායමට හිටපු ප්‍රිමියර් ලීග් තරු කිහිප දෙනෙකුද ඇතුළත්ව සිටීම විශේෂත්වයකි.
හිටපු ප්‍රිමියර් ලීග් ක්‍රීඩකයන් වන Emile Heskey, Antonio Valencia, Joleon Lescott, Danny Drinkwater සහ Marc Albrighton ද එම කණ්ඩායම සමඟ සම්බන්ධ වී සිටිති.
පාපන්දු ක්‍රීඩාව කෙරෙහි දිගු කලක සිට දැඩි උනන්දුවක් දැක්වූ බෝල්ට්, මලල ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව වෘත්තීය පාපන්දු ක්‍රීඩාවට පිවිසීමටද උත්සාහ කළේය.
මලල ක්‍රීඩා පිටියේදී ලොව වේගවත්ම ධාවකයා ලෙස නමක් දිනා සිටින බෝල්ට්ගේ වේගවත් ධාවන හැකියාව පාපන්දු පිටියේදී කෙසේ යොදාගනු ඇත්ද යන්න පිළිබඳව ක්‍රීඩා ලෝලීන් අතර මේ වනවිට දැඩි අවධානයක් යොමුව තිබේ.