හැමෝම හොඳටම හඳුනන, ජනප්‍රිය නිළියකට ගුවන් තොටුපොළේ දී කම්මුල් පාරක්..(VIDEO)
By krishani
ආරක්ෂක නිලධාරිනියක් විසින් භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් ඉන්දීය පාර්ලිමේන්තුවට තේරී පත්වූ බොලිවුඩ් රංගන ශිලිපිනි කන්ගනා රනාවුත්ට කම්මුල් ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ චන්දිගාර් ගුවන්තොටුපොළ තුළ දී ය.
මෙලෙස ඇයට පහර දී ඇත්තේ ගුවන්තොටුපොළේ සේවයේ නියුතු කුල්වින්දර් කෝර් නම් මධ්‍යම කාර්මික මර්මස්ථාන ආරක්ෂක බළකායේ නිලධාරිනියක් ය.
මෙලෙස කන්ගනා රනාවුත්ට පහර දීමට හේතු වී ඇත්තේ ඉන්දියාවේ පැවති ගොවි විරෝධතාවල දී කන්ගන් සිදුකළ ප්‍රකාශයකට විරෝධය පළකරමින් බව සඳහන් වේ.
මෙම පහරදීම සම්බන්ධයෙන් කන්ගනා රනාවුත් පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.
කෙසේ වෙතත්, කුල්වින්දර් කෝර් වැඩ තහනමකට ලක්කර ඇයට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
වීඩියෝ දර්ශන පහතින්,
.