බලාපොරොත්තු සුන් කරමින්.. අතුරුදහන් වූ සිසුන්ගෙන් සිසුන් දෙදෙනෙකුගේ නිසල සිරුරු හමුවෙයි..(update)
By Piyumika
අම්පාර - මාවඩ්ඩිපල්ලි ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් පෙරලී අතුරුදන් සිසුන් 06 දෙනාගෙන් එක් සිසුවෙකුගේ මෘත දේහයක් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නීතීඥ නිහාල් තල්දූව සඳහන් කරනවා.
මාධ්‍ය ප්‍රකාශකවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ මේ මොහොතේ ආපදා තත්ත්වය පිළිබඳව දැනුම්දෙන මාධ්‍ය සාකච්චාවේදීයි.
update
අතුරුදහන් වූ සිසුන් හය ගෙනාගෙන් තවත් සිසුවෙකුගේ මෘත දේහ සොයාගෙන තිබෙනවා.
මීට පැය කිහිපයකට පෙර අතුරුදහන් වූ තවත් සිසුවෙකුගේ මෘත දේහය සොයාගත් අතර මේ වන විට සිසුන් දෙදෙනකුගේ සිරුරු සොයාගෙන ඇති බව පොලිසිය පවසන්නේ.
අතුරුදහන් වූ අනෙක් සිසුන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි
You may like this video