මන්නාරම සහ රාමේෂ්වරම් අතර බෝට්ටු සේවය ගැන සාකච්ඡා කඩිනමින්

Anura Kumara Dissanayaka Government Of Sri Lanka Government Of India Sinhala news
By Shehan Apr 17, 2025 08:30 AM GMT
Shehan

Shehan

Report

ශ්‍රී ලංකාවේ මන්නාරම සහ ඉන්දියාවේ රාමේෂ්වරම් අතර ෆෙරී බෝට්ටු සේවාව යළි ආරම්භ කිරීමේ කටයුතු ඉක්මන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

මන්නාරමේදී අදහස් පළ කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

පාස්කු ප්‍රහාර පිටුපස ඉන්නේ බුද්ධි අංශලු - රොහාන් සිල්වා සියල්ල කියයි

පාස්කු ප්‍රහාර පිටුපස ඉන්නේ බුද්ධි අංශලු - රොහාන් සිල්වා සියල්ල කියයි

මේ සම්බන්ධයෙන් ඉන්දීය රජය සමඟ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් පැවසීය.

2023 නොවැම්බර් මාසයේදී රාමේෂ්වරම් සහ තලෙයිමන්නාරම අතර මගී බෝට්ටු සේවාව නැවත ආරම්භ කරන බවට පුවත් වාර්තා විය.

1914 සිට 1964 දක්වා රාමේෂ්වරම් සහ තලෙයිමන්නාරම අතර බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක වූ නමුත්, ධනුෂ්කොඩිට බලපෑ සුළි කුණාටුවෙන් පසු එය අත්හිටුවනු ලැබිණි.

GovPay හින්දා තැපැල් දෙපාර්තමේන්තු රත් වේ

GovPay හින්දා තැපැල් දෙපාර්තමේන්තු රත් වේ

ReeCha