ඉන්දියාවේ පොලිස් ස්ථානය තුලම පිපිරීමක් විශාල මරණ සංඛ්‍යාවක්
ඊයේ (14) රාත්‍රියේ ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ ශ්‍රීනගර් හි නව්ගම් පොලිස් ස්ථානයේ ඊයේ (14) රාත්‍රියේ පිපිරීමක් සිදුව තිබේ. එහි ඇති පොලිස් ස්ථානයේ ගබඩාකර තිබූ අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් පරීක්ෂාකිරීමට යාමේදී මෙම පිපිරීම සිදුවූ බව වාර්තා වේ.
එමෙන්ම විශාල පුපුරණ ද්‍රව්‍ය තොගයක් මෙලෙස පුපුරාගොස් ඇති බවත්, ඒ හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තවත් 27ක් තුවාල ලැබූ බව වාර්තා වේ. කෙසේ නමුත් තුවාල ලැබූවන්ගෙන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
තවද මියගිය අය අතර පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂා කරමින් සිටි පොලිස් නිලධාරීන් සහ අධිකරණ වෛද්‍ය කණ්ඩායම් නිලධාරීන් ද සිටිට ඇත. පසුගියදා නවදිල්ලි නුවර සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් තිදෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකු කාෂ්මීරයේ පදිංචිකරුවන් වූ වෛද්‍යවරුන්ය.
ඔවුන් සම්බන්ධ විමර්ශන සිදුකර ඇත්තේ මෙම නව්ගම් පොලිස් ස්ථානය යටතේය. එහිදී ඔවුන්ට දැවැන්ත පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමටද හැකි වූ අතර, එම තොගය පරීක්ෂාකිරීමට යාමේදී මෙලෙස පුපුරාගොස් ඇත.