මෙලිසා නිසා ජනතාව පීඩාවට ඉන්නවත් ගෙයක් නෑ
“මෙලිසා” සුළි කුණාටුවෙන් පසු ජැමෙයිකාවේ බ්ලැක් රිවර් නගරය දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා වාර්තා කරයි. එම සුළි කුණාටුවෙන් විශාලතම විනාශයක් සිදුවූ කලාපය බවට මෙම වරාය නගරය පත්ව ඇත.
මෙලිසා කුණාටුව කඩා වැදුණු දින තුනේ සිට ඔවුන් දැඩි අවුල් සහගත තත්ත්වයක ජීවත් වන බව ප්‍රදේශයේ පදිංචිකරුවන් පවසයි.
දරුණු සුළං සහ කුණාටු රළ මගින් සියල්ලම පාහේ විනාශ කර දමා ඇති අතර, මාර්ගයන් ද භාවිතයට ගත නොහැකි වී ඇත. වැඩිදුරටත් වාර්තා වන්නේ විදුලිය හෝ ගලා යන ජලය නොමැතිව ජනතාව අසරණ වී හුදකලා වී ඇති බවයි.