ජනපති කළ ප්‍රකාශයට ගුරුවරුන්ගෙන් කළු කොඩි...

Report

 හෙට ( 01 වැනි දා) ගුරු වෘත්තීය අත්‍යවශ්‍ය සේවාවක් කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශයට එරෙහිව සියලු පාසල්වල කළු කොඩි එසවීමට ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම එම ප්‍රකාශයයට එරෙහිව සියලු පාසල් ඉදිරිපිට දෙමව්පියන් හා ඒකාබද්ධව හෙට (02 වැනිදා) සවස දෙකට උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.

නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

එමෙන් ම, පසුගිය 26 වැනිදා පාසල් නොපැමිණි ගුරුවරුන්ගේ නාමලේඛන දින දෙකකින් ලබා දෙන ලෙසට ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය අධ්‍යාපන අමාත්‍යාංශයට ලිඛිත දැනුම් දීමක් සිදු කර ඇත.

ඒ අනුව ඊට අදහස් දක්වන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ප්‍රකාශ කරන්නේ එවැනි නිවට ක්‍රියාවලින් ගුරුවරුන් බය කිරීමට හැකියාවක් නොමැති බව පැවසී ය.

ඉන්දියාවට ශ්‍රී ලංකාවෙන් රත්‍රන් රැගෙන යාමේ ජාවාරමක්...

ඉන්දියාවට ශ්‍රී ලංකාවෙන් රත්‍රන් රැගෙන යාමේ ජාවාරමක්...

මෙලෙස නාමලේඛන ලබා ගැනීමෙන් උතුරු නැගෙනහිර ගුරුවරුන් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සම්බන්ධ නොවූ බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශයට කදිම පිළිතුරක් ලැබෙන බවත් ඒ මහතා පැවසීය.