නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

By Parami Dissanayake Jun 30, 2024 02:09 PM GMT
Report

අද (30) මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට ආධාර සහ අනුබල දුන් බවට සැකකෙරෙන නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙක්ව නාවික හමුදා විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ විමර්ශන ඒකකය මගින් සිදුකළ දීර්ඝ අභ්‍යන්තර පරීෂණයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව නාවික හමුදාව පවසයි.

ඉන්දියාවට ශ්‍රී ලංකාවෙන් රත්‍රන් රැගෙන යාමේ ජාවාරමක්...

ඉන්දියාවට ශ්‍රී ලංකාවෙන් රත්‍රන් රැගෙන යාමේ ජාවාරමක්...

මෙම නිලධාරීන් දෙදෙනා නාවික හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සේවය කළ දෙදෙනෙකි.

කෙසේ වෙතත්, සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට නියමිතව තිබෙනවා.