ඉන්දියාවට ශ්‍රී ලංකාවෙන් රත්‍රන් රැගෙන යාමේ ජාවාරමක්...

By Parami Dissanayake Jun 30, 2024 01:49 PM GMT
Report

 ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට රත්‍රන් රැගෙන යාමේ ජාවාරමක් මැඩ පැවැත්වීමට චෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රේගු නිලධාරීන් සමත්වී තිබෙනවා.

ජාවාරම්කරුවන් විසින් පසුගිය මාස දෙක තුළදී රත්‍රන් කිලෝ 267ක් ශ්‍රී ලංකාවෙන් රැගෙන ගොස් ඇති බවත් එහි වටිනාකම ඉන්දීය රුපියල් මිලියන 1,670ක් වන බව PTI පුවත් සේවය වාර්තා කළේ ය.

ගුවන්තොටුපොළ තුළ පිහිටි සාප්පුවක් කේන්ද්‍රකර ගනිමින් එම ජාවාරම සිදුකර ඇති බව අතර බුද්ධි තොරතුරු අනුව එම සාප්පුවේ හිමිකරු සහ සේවකයින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව තවත් තොරතුරු හෙළිදරව් වී තිබෙනවා.

එම සාප්පුවේ අලෙවි නිලධාරියෙක්ගේ සැකකටයුතු හැසිරීම නිරීක්ෂණය කළ බලධාරීන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔහු සිය සිරුරේ සඟවා ගෙන සිටි රත්‍රන් කැබලි කිහිපයක් හමුවී තිබේ.

ඔහු එම රත්‍රන් ගුවන් මගියෙකුගෙන් ලබාගෙන තිබේ.

කෙසේ වෙතත්, විමර්ශනයේ දී හෙළිදරව් වී ඇත්තේ, එම සාප්පුව ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් කුලියට ලබාගෙන සේවකයින් අට දෙනෙක් යොදවා එම ජාවාරම සිදුකර ඇති බවයි.