අනුරාධපුරෙන් විරල ගණයේ සිව් නිවුන් දරු උපත. - (VIDEO)

By Wayomi Dec 02, 2024 07:45 AM GMT
Report

දරු සම්පතක් යනු මව්පියන්ට හිමිවන ඉහළම සතුටකි. ඒ අතරින් නිවුන් දරු උපතක් යනු මව්පියන්ගේ සතුට දෙගුණ තෙගුණ කරවන්නක් ද වේ.

ඒ අනුව දුර්ලභ සිව් නිවුන් දරු උපතක් අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් වාර්තා විය.

මෙම වාසනාවන්ත සිව් නිවුන් දරු උපතට හිමිකම් ලැබුවේ 28 හැවිරිදි අනුරාධපුර ප්‍රදේශයේ කාන්තාවකි. ඇය පසුගියදා අනුරාධපුර ශික්ෂණ රෝහලේදී මෙම සිව් නිවුන් දරුවන් බිහිකරන්නේ වසර ගණනක් දරුපල ප්‍රමාදව සිටින අතරතුරයි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු හෙද කාර්ය මණ්ඩලය මව් කුසතුළ සිටින්නේ සිව් නිවුන් දරුවන් බවට හඳුනාගත් මොහොතේ පටන් නිරෝගී දරු උපතක් වෙනුවෙන් මහත් පරිශ්‍රමයක් දරා තිබෙනවා.

ගුරු සේවයට බඳවා ගැනීම පිළිබඳ දැනුම්දීමක්.

ගුරු සේවයට බඳවා ගැනීම පිළිබඳ දැනුම්දීමක්.

ප්‍රශ්නගත ශිෂ්‍යත්ව ප්‍රශ්නවලට ලකුණු ලැබෙන්නේ මෙහෙමයි. - කැබිනට්ටුව තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි.

ප්‍රශ්නගත ශිෂ්‍යත්ව ප්‍රශ්නවලට ලකුණු ලැබෙන්නේ මෙහෙමයි. - කැබිනට්ටුව තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි.

සිසේරියන් සැත්කමක් මගින් මෙලොව එළිය දුටු මේ දරුවන් මේ වනවිට නොමේරූ ළදරු ඒකකය තුළ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවය වෛද්‍යවරුන් පවසන්නේ.

එමෙන්ම මවගේ සෞඛ්‍ය තත්ත්වයද ඉතා යහපත් බවද වෛද්‍යවරු සඳහන් කරනවා.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිව් නිවුන් දරු උපතක් වාර්තා වීම ප්‍රථම අවස්ථාවට සිදුවීම හේතුවෙන් එය රෝහලට ඉතා වැදගත් සිදුවීමක්ද වී ඇත.

පාසල් සංවර්ධන නිලධාරීන් අනුයුක්ත කිරීමක් අත්හිටුවයි. - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගත් තීරණය මෙන්න.

පාසල් සංවර්ධන නිලධාරීන් අනුයුක්ත කිරීමක් අත්හිටුවයි. - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගත් තීරණය මෙන්න.