කාන්තාවක් රිය අනතුරක් කළා කියන්න එපා ඒකත් කාන්තා හිංසනයක් - බිමල්
ප්‍රවාහන අමාත්‍ය අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් දොළුව පන්සල අසල වූ රිය අනතුර මාධ්‍ය මඟින් වාර්තා කිරීමේ දී කාන්තා හිංසනයක් සිදුව ඇති බවට ප්‍රකාශ කරයි.
ඒ අනුව ඔහු මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා ඇත්තේ පුවත් වාර්තා කරන විට රියදුරු, කාන්තාවක්ද පිරිමියෙක්ද යන්න නොමැතිව පොදුවේ රියදුරු ලෙස වාර්තා කරන ලෙසයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා “පුවත්පත් වාර්තා කරලා තියෙනවා, කතුන් තිදෙනෙකුට මරු කැඳවු දොළුව පන්සල අසල මාරක අනතුර. එතන අවුලක් නෑ. නමුත් රියදුරු කත බ්‍රේක් වෙනුවට ඇක්සලේටරය පාගලා. මෙහෙම වෙන්නේ කාන්තාවක් වීම නිසා නෙමෙයි, ඩ්‍රයිවර්ලට වෙන්නේ. ඒ නිසා කරුණාකරලා කාන්තාවන් මේ ක්ෂේත්‍රයට ගන්න හදන වෙලාවේ, ජනමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා, රියදුරු කත ද රියදුරු පිරිමි ද කියලා නැතිව රියදුරු කියලා වාර්තා කරන්න කියලා. මෙතන වෙන හිංසනයක් තියෙනවා.” යනුවෙන්.
ඔහු මෙම අදහස් දැක්වූයේ පාර්ලිමේන්තුව අමතමින්.