අශෝක රන්වලගේ හොර උපාධි ගැන ඇමති බිමල් සියල්ල වමාරයි

Report

හිටපු කතානායක අශෝක රන්වල මහතාට තම ආචාර්ය උපාධි සහතිකය ඉදිරිපත් කිරීමට අවශ්‍ය තරම් කාලය ගතවී ඇති බැවින් දැන් ඔහුට සහතිකයක් නැතැයි තමන් සිතන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඊයේ (19) රූපවාහිනි නාලිකාවක දේශපාලන වැඩසටහනකදී වැඩසටහන් පූර්වකයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ කීවේය.

අශෝක රන්වල මහතා තම ආචාර්ය උපාධි සහතිකය ඉදිරිපත් කරන බවට ලබාදුන් පොරොන්දුව වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් එය තවමත් ඉටුකර නොමැති බවත්, එබැවින් පක්ෂයක් ලෙස ඔහුට දිය හැකි උපරිම දේශපාලන දඬුවම ලබාදී ඇති බවත් ඔහු සඳහන් කළේය.

ජනාධිපතිගේ බණ අහන්න මට වෙලාවක් නැහැ.. චාමර යළි පැටලෙයි

ජනාධිපතිගේ බණ අහන්න මට වෙලාවක් නැහැ.. චාමර යළි පැටලෙයි

අශෝක රන්වල මහතා කතානායක ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ නියමිත කාලය තුළ සහතිකය ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ නිසා බව ද අමාත්‍යවරයා පැහැදිලි කළේය.

“ඔහු රටේ තුන්වැනි පුරවැසියා. සහතිකය ඉදිරිපත් කරන්න අවශ්‍ය තරම් කාලය දැන් ගත වෙලා. මම හිතනවා දැන් එතුමාට සහතිකයක් නැහැ කියලා. කථානායක ධුරයෙන් ඉවත් කිරීම කියන්නේ පුද්ගලයෙකුට දේශපාලනිකව සහ පෞද්ගලිකව දිය හැකි බරපතළම දඬුවමයි”

අශෝක රන්වල මහතා සැබෑ පර්යේෂකයෙකු ලෙස පිළිගැනීමක් තිබුණ ද, සහතිකය ඉදිරිපත් කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් පක්ෂය සිදුකළ පරීක්ෂණයකින් පසු මෙම තීරණය ගත් බව ද බිමල් රත්නායක මහතා පෙන්වා දුන්නේය. එය මුළු පක්ෂයේම අනාගතයට බලපාන තීන්දුවක් බව ද ඔහු කීවේය.

හදිසි අනතුරු ඇඟවීමක් - ශීත කාලගුණයත් එක්ක අලුත්ම වෛරස් රෝගයක්..

හදිසි අනතුරු ඇඟවීමක් - ශීත කාලගුණයත් එක්ක අලුත්ම වෛරස් රෝගයක්..

මේ අතර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් සිදුවූ බව කියන කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් ගැන විමර්ශනය කිරීමට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ.

එහිදී සභානායක කාර්යාලයෙන් යොමුකළ ලිපියක “ආචාර්ය” යනුවෙන් සඳහන් වීම පිළිබඳව සහ එම පරීක්ෂණ අඩපණ වී ඇත්ද යනුවෙන් වැඩසටහන් පූර්වකයා විමසා සිටි අවස්ථාවේදී, “ඔයාලගේ වැදගත් කාලය ඔය වගේ රොඩුවලට නාස්ති නොකර ඉන්න. ඕවයේ ඇති දෙයක් නැහැ,” යැයි පවසමින් එම ප්‍රශ්නයට පිළිතුරු දීම අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කළේය.

පාසල් පළමු වාරය ගැන විශේෂ දැනුම්දීමක්

පාසල් පළමු වාරය ගැන විශේෂ දැනුම්දීමක්