ජනාධිපතිගේ බණ අහන්න මට වෙලාවක් නැහැ.. චාමර යළි පැටලෙයි

Report

ජනාධිපතිතුමාගේ බණ දැන් කිසිවෙකු අහන්නේ නැති බවත්, මේ වන විට ජනතාව අහන්නේ කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණ බවත් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක චාමර සම්පත් දසනායක මහතා පැවසීය.

බදුල්ල තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේදී සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සවයකදී මන්ත්‍රීවරයා මේ අදහස් දැක්වීය. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධුරයෙන් පිදුම් ලැබීම වෙනුවෙන් බදුල්ලේ ජනතාව විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

චාමර සම්පත් දසනායක මහතා තවදුරටත් සඳහන් කළේ,

“සමහරු පක්ෂයේ නායකත්වයට එන්නේ ඊළඟ සැරේ ජනාධිපති අපේක්ෂකයා වෙන්නයි. එහෙම ජනාධිපති අපේක්ෂකයෝ වෙන්න දැන් මේ පක්ෂයේ බැහැ. මේ පක්ෂය හදලා යම් තැනකට ගෙනල්ලා රටේ මිනිස්සු පිළිගන්න තැනකට ගෙනාවම කාටහරි ඇවිල්ලා ජනාධිපතිවරණයට ඉල්ලන්න පුළුවන්.”

උතුරේදී ඉඟි බිඟි පාන දේශපාලන ගණිකාව - චූන් උනාම එළාර වැහෙන ලොන්තපෝල් ජනපති...

උතුරේදී ඉඟි බිඟි පාන දේශපාලන ගණිකාව - චූන් උනාම එළාර වැහෙන ලොන්තපෝල් ජනපති...

හදිසි අනතුරු ඇඟවීමක් - ශීත කාලගුණයත් එක්ක අලුත්ම වෛරස් රෝගයක්..

හදිසි අනතුරු ඇඟවීමක් - ශීත කාලගුණයත් එක්ක අලුත්ම වෛරස් රෝගයක්..