මේකෙන් තමයි චූටි හරි බෙදීකම් ඇතිවුණේ ඒක අපි දන්නවා.. 22 නිසා ආණ්ඩුවෙ දෙදරීමක් ඇති වූ බව මැතිසබේ උණුසුම මැද බිමල් පිළිගනී

Report

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ආණ්ඩුව තුළ සුළු බෙදිමක් ඇති වූ බව සභානායක බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (25) දින පාර්ලිමේන්තුවේදී 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

අධිවේගී මාර්ග ප්‍රවේශ ටිකට්පත් ගද්දි මේවා දැනන් හිටියද? දැවැන්ත වංචාවක් - රු.බි. 4.6ක් අහිමි වෙලා

අධිවේගී මාර්ග ප්‍රවේශ ටිකට්පත් ගද්දි මේවා දැනන් හිටියද? දැවැන්ත වංචාවක් - රු.බි. 4.6ක් අහිමි වෙලා

"22ට එරෙහිව බොරු මතයක් හැදුවා, ඔබතුමාල මේක යක්ෂාකරණය කළා. ඔබතුමාම මේක දැන් අහුවෙලා ඉන්නේ. විශාල ඩීමනයිශේෂන් එකක් කළා මේකෙන් අරක වෙනවා මේක වෙනවා කියලා. ඉතින් මිනිස්සුත් බය වුණා. ආගමික නායකයොන්ටත් ගිහින් කිව්වා, ආගමික නායකයොත් ඕවා පාඩම් කරන්න යන්නේ නැහැනේ කියන දේ එතුමාලා විශ්වාස කරලා එක එක දේවල් කිව්වා. ලෝකෙට බොරු කිව්වා, UN එක පවා රැවැට්ටුවා. අවසාන මොකක්ද වෙලා තියෙන්නේ මේ රටේ අති විශාල අධිකරණ ප්‍රතිසංස්කරණයක් නීති ව්‍යවස්ථාව සංශෝධනයක් වෙනවා සමාජයේ මොකක්වත් නෑ. නිකන් ලොකු බොරුවක් පස්සේ ඔබතුමාලා ලොකු බිල්ලෙක් හදලා තියෙනවා. ඔබතුමාලා බැලුවා මේකෙන් පොඩ්ඩක් සමාජය දෙකට බෙදනවා වගේ, ඒකෙන් දේශපාලන මයිලේජ් එකක් ගන්න විපක්ෂය කටයුතු කරනවා අපිට තේරෙනවා. අපි ආණ්ඩුවක් විදිහට දෙකට බෙදාගෙන වැඩ කළේ නෑ මේ තාක්කල්. මේකෙන් තමයි චූටි හරි බෙදීකම් ඇතිවුණේ ඒක අපි දන්නවා ඒ ගැන නොදැන නෙමෙයි. අපිට එක කැල්කියුලේෂන් එකක් තියෙනවා.. නමුත් ඔබතුමාලා හිතුවා මේක පොලිටිකල් මයිලේජ් එකක් ගන්න. ඒකේ ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ පොලිටිකල් මයිලේජ් එක ගන්න ඔබතුමාලා මොකක්ද කළේ නැති දෙයක් මවා පාන්න ගියා"

නොවැම්බර් 01 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි අලුත් බැංකු ගිණුම් ඇරඹීම ඇතුළු සේවා රැසකට මේ සහතිකය අනිවාර්ය‍යි - නිවේදනයක්

නොවැම්බර් 01 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි අලුත් බැංකු ගිණුම් ඇරඹීම ඇතුළු සේවා රැසකට මේ සහතිකය අනිවාර්ය‍යි - නිවේදනයක්

දරුවන් සඳහා නොමිලේ - ලෝක ළමා දිනය වෙනුවෙන් දරුවන්ට රජයෙන් තෑග්ගක්

දරුවන් සඳහා නොමිලේ - ලෝක ළමා දිනය වෙනුවෙන් දරුවන්ට රජයෙන් තෑග්ගක්