“ඩොලර් නැති රටකින් බිලියන ගාණ ඩොලර් ගෙනාවේ අපි" - ඇමති ක්‍රිෂාන්ත

Report

වත්මන් ආණ්ඩුව රට භාරගත් විට ඩොලර් හිඟයක් සහ රුපියල් හිඟයක් පැවති බිඳවැටුණු ආර්ථිකයකින් අද වන විට භාණ්ඩාගාරය පිරවීමට සමත් වූ බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා අද (12) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එය ආණ්ඩුවේ දෙවන අයවැය බව සිහිපත් කළ අමාත්‍යවරයා, ආයෝජකයින් රට අතහැර ගිය සහ මග නැවතුණු රටකින් ආර්ථිකය ස්ථාවර කිරීමට සමත් වූ බව අවධාරණය කළේය.

සුහදව ඉන්න හැටි ජනපතිගෙන් ඉගෙනගන්න - මනෝ ආණ්ඩු මන්ත්‍රීන්ට කියයි

සුහදව ඉන්න හැටි ජනපතිගෙන් ඉගෙනගන්න - මනෝ ආණ්ඩු මන්ත්‍රීන්ට කියයි

“අද බිලියන හයකට වඩා ඩොලර් තියෙනවා, අද රුපියල්වලින් තියෙනවා ට්‍රිලියනයකට වඩා.”

“අපේ ආණ්ඩුව නැත්නම් මේ විදිහට රුපියල් තියෙවිද? තියෙන්නේ නෑ. ඇයි අපි නාස්ති කරන්නේ නෑ. අපි හොරා කන්නෙ නැහැ. අපෙ ගජ මිතුරන්ට බදු සහන දෙන්නෙ නැහැ.”

විපක්ෂයට හිට්ලර් වගේ.. IMF එකටනම් පූසා වගේ - නාමල් රාජපක්ෂ ජනපතිට දාපු කින්ඩිය

විපක්ෂයට හිට්ලර් වගේ.. IMF එකටනම් පූසා වගේ - නාමල් රාජපක්ෂ ජනපතිට දාපු කින්ඩිය

“අන්න එහෙම කාර්යක්ෂම වෙලා තමයි අපි මේ භාණ්ඩාගාරය පුරවලා තියෙන්නේ.”

“දැන් අපි හොඳ අත්තිවාරමක් දාලා තියෙනවා ආර්ථිකයට. හොඳ අත්තිවාරමක් නැතුව උඩට උඩ හදන්න ගියොත් කඩන් වැටෙනවා. ජනතාවට සහනාධාර දෙන්ඩ නම්, වෘත්තිකයන්ට පහසුකම් දෙන්න නම්, හොඳ ආර්ථිකයක් තියෙන්න ඕන.”

හොඳදේට හොඳ කියන්න අපි පැකිලෙන්නේ නැහැ කියපු විපක්ෂය දැන් දඟලනවා - නිලන්ති කොට්ටහච්චි

හොඳදේට හොඳ කියන්න අපි පැකිලෙන්නේ නැහැ කියපු විපක්ෂය දැන් දඟලනවා - නිලන්ති කොට්ටහච්චි