ලංකාවට ඩොලර් බිලියනයක ආධාර පැකේජයක්.....

Report

ලෝක බැංකුව තීරණය කර ඇත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියනයක ආධාර පැකේජයක් ශ්‍රී ලංකාවට ලබාදීමටයි.

ලෝක බැංකුව පවසන්නේ, වසර තුනක් තුළ මේ මුදල ශ්‍රී ලංකාවට ලබාදෙන අතර මෙම ආධාර මුදල රැකියා සහ ආයෝජන සඳහා ඉහළ විභතාවක් ඇති අංශ වන බලශක්තිය, කෘෂිකර්මාන්තය, සංචාරක හා කලාපීය සංවර්ධනය ඉලක්ක කර ගනිමින් ලබාදෙන බවයි.

පෙර්දා (07දා) පස්වරුවේදී ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත් වුණා.

එම හමුවෙන් පසුව ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඇමෙරිකානු ඩොලර් බිලියනයක ආධාර පැකේජය ගැන නිවේදනය කළා. 

ඉන්දු පකිස්තාන ගැටුම ගැන ලංකාවේ ස්ථාවරත්වය.. නලින්ද කියයි

ඉන්දු පකිස්තාන ගැටුම ගැන ලංකාවේ ස්ථාවරත්වය.. නලින්ද කියයි