ඉන්දු පකිස්තාන ගැටුම ගැන ලංකාවේ ස්ථාවරත්වය.. නලින්ද කියයි
By Hashini
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ ඉන්දු පකිස්ථාන ගැටුම් වලදී එක් පාර්ශවයකට හෝ ශ්‍රී ලාංකික භූමිය, ජල තීරය හෝ ගුවන පාවිච්චි කිරීමට ඉඩ නොදෙන බවට දැඩි ස්ථාවරයක රජය පසුවන බවයි.
ඔහු කියා සිටියේ, ඉන්දියානු සාගරයේ භූ දේශශපාලන ගැටුම් වලට මැදිහත් නොවී රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරගනිමින් කලාපීයය සාමය ආරක්ෂා කිරීමට නොබැඳි පිළිවතක් අනුගමනය කරන බවයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ විමසීමේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.