විදේශගත ලාංකිකයන්ට ඡන්ද අයිතිය හා විශ්‍රාම වැටුප් සමග සහන රැසක් දෙන පනතක්

Report

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම්, ආරක්ෂාව සහ සුබසාධනය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් නව විදේශ රැකියා පනතක් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා පැවසුවේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබාදීම සඳහා අවශ්‍ය ක්‍රමවේදය සකස් කරමින් සිටින බවයි.

එමෙන්ම ඔවුන් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමේ මූලික කටයුතු ද සිදු කෙරෙමින් පවතින බව සඳහන් කළේය.

ලෝකයේ ඕනෑම ස්ථානයක සිට ගැටලු ඉදිරිපත් කළ හැකි "Lanka Konnect" වෙබ් අඩවිය සහ ජංගම යෙදුම හඳුන්වා දී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

විදේශ රැකියා ඒජන්සි ආශ්‍රිත ජාවාරම් සහ අල්ලස් සිදුවීම් මැඩපැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) නිලධාරීන් ද ඇතුළත් විශේෂ විමර්ශන ඒකකයක් මඟින් නීතිය ක්‍රියාත්මක කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් විශ්‍රාම ගිය අයට සහ යාමට සැලසුම් කරන සේවකයින්ට

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් විශ්‍රාම ගිය අයට සහ යාමට සැලසුම් කරන සේවකයින්ට

විදේශගතව සිටියදී මියයන ශ්‍රී ලාංකිකයන්ගේ පවුල් සඳහා ගෙවනු ලබන වන්දි මුදල රුපියල් ලක්ෂ 6 සිට රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළ නංවා ඇති බවද ඔහු පැවසීය. රටේ ආර්ථිකය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, වත්මන් රජය බලයට පත්වූ පළමු වසර තුළ ඉතිහාසයේ වැඩිම විදේශ ප්‍රේෂණ ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 8ක් මෙරටට ලැබී ඇති බවයි.

එසේම 2026 වසරේ පළමු මාස හය තුළ පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 4.75ක් විදේශ ප්‍රේෂණ ලෙස ලැබී ඇති බවද ඔහු සඳහන් කළේය. උතුරු පළාතේ තරුණ තරුණියන් වෙනුවෙන් නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කරන බවද, ජපානය සමඟ ඇති කරගත් නව ගිවිසුම් මඟින් ට්‍රක් රථ රියදුරන්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශ්‍රමිකයන් සහ උපාධිධාරීන් සඳහා නව රැකියා අවස්ථා විවෘත කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

ඉතාලියේ සාමාන්‍ය රියදුරු බලපත්‍ර සම්බන්ධ ගැටලුව විසඳා ඇති බවත්, ඊශ්‍රායල රැකියා සඳහා පුද්ගලික අංශයට අය කළ හැකි ගාස්තුව මාසික වැටුප මෙන් දෙගුණයකට සීමා කර ඇති බවත් ඔහු සඳහන් කළේය. එමෙන්ම, රුපියල් ලක්ෂ 40ත් 45ත් අතර මුදල් ඉල්ලා විදේශ රැකියා ලබාදෙන බව පවසමින් සිදු කරන වංචාවන්ට හසු නොවන ලෙසද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

විදෙස් රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

විදෙස් රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්