වසර හතකින් පසු මෝදි සහ ෂී ජින් පිං අතර ද්විපාර්ශ්වික සාකච්ඡාක්

Report

අද (31) උදෑසන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි චීනයේ ටිඇන්ජින් හිදි චීන ජනාධිපති ෂී ජින් පිං හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇත.

මෙය ඉන්දීය අගමැතිවරයා වසර හතකින් පසු සිදු කරන පළමු චීන සංචාරයයි.

උදය ගම්මන්පිල අවුරුද්දක් ඇප නැතුව හිරේට?

උදය ගම්මන්පිල අවුරුද්දක් ඇප නැතුව හිරේට?

ටිඇන්ජින් හි අද සහ හෙට පැවැත්වෙන ෂැංහයි සහයෝගීතා සංවිධානයේ දෙදින සමුළුවට සහභාගී වීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැමිණ ඇත.

එයට එක්සත් ජාතින්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරෙස්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇතුළු රාජ්‍ය නායකයින් සහ ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීන් තිහකට අධික පිරිසක් සහභාගී වන අතර රටතුළ පැවැති අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රභෝවෝ සුබියන්තෝ මෙම සමුළුවට සහභාගී වීම අවලංගු කර ඇත.

ඔයාගේ දරුවාව බේරගන්න - පාසල් දරුවන් අතර පැතිර යන අපරාධයක් එළියට

ඔයාගේ දරුවාව බේරගන්න - පාසල් දරුවන් අතර පැතිර යන අපරාධයක් එළියට