මැණික් ආනයන බදු වලට වෙන්න යන දේ මෙන්න

Report

 මෙරට මැණික් හා ස්වර්ණාභරන කර්මාන්තය සදහා අවශ්‍ය රළු මැණික් ආනයනය කිරීමේදී බදු පනවනු ලබන ක්‍රමවේදයේ සංශෝධනයක් සිදුකිරීමට තීරණය කර තිබෙන බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සදහන් කර තිබේ .

එම අධිකාරය සඳහන් කරන්නේ අදාළ ක්ෂේත්‍රයේ පිරිස් සඳහා සහන ලබා දීමේ අරමුණින් හා මැණික් අපනයන කර්මාන්තයෙන් ඉලක්ක ගත ඩොලර් බිලියන 01ක වාර්ෂික ආදායම සපුරා ගැනීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අදහස් දක්වමින් එහි සභාපතිවරයා තවදුරටත් සදහන් කළේ මෙය මැණික් ආනයනකරුවන්ට විශාල සහනයක් වන බවයි.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති එස්.පී චමින්ද මහතා සදහන් කළේ මෙවන් අදහසක්  

''මැණික් ආනයනය කිරීමේ දී පනවනු ලබන වැට් එක අපි කැල්කියුලේට් කරන ක්‍රමය වෙනස් කරලා ආනයනය කරන පුද්ගලයින්ට එදාට වඩා ලොකු සහනයක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. අපේ අලුත් ප්‍රපෝසල් එක අනුව ගෙන එන එක පාර්සල් එකකට නිශ්චිත අගයක් අපි ලබා දෙනවා. පිටරටින් ගේන අනගි මැණික් ඒ කියන්නේ රූබීස්, ශපායා, එමරල් වගේ කාණ්ඩයේ මැණික් අපි ගේනකොට කිලෝඑකක වටිනාකම අපි ඇසිටිමේට් කරනවා ඩොලර් 900ක් විතර.. ඒ ඩොලර් 900ට තමා වැට් එක හැදෙන්නේ.. ඩොලර් 200 කියන කස්ටම් චාර්ජ් එකත් අපි මේ ක්‍රමයෙන් ඉවත් කරලා තියෙනවා.''  

ජනපති වෛරය හා අසමඟිය පතුරවනවා කියා පිවිතුරු හෙළ උරුමේ CID ගිහින්

ජනපති වෛරය හා අසමඟිය පතුරවනවා කියා පිවිතුරු හෙළ උරුමේ CID ගිහින්