ප්‍රවීණ මාධ්‍යවේදීයෙකුගේ නික්මයාම

Report

පුව­ත්ප­ත්ව­ කලාවට ඉටු කළ ප්‍රවීණ මාධ්‍යවේදී භක්ති ධර්ම­ප්‍රිය මෙන්ඩිස් මහ­තාගේ දේහය පිළි­බඳ අව­සන් කට­යුතු දඩැල්ල පොදු සුසාන භූමි­යේදී අද (06) පස්ව­රුවේ සිදු කිරීමට නියමිතව තිබේ.

 බත්ත­ර­මුල්ල, අකු­රේ­ගොඩ ප්‍රදේ­ශ­යේදී සිදුවූ රිය අන­තු­ර­කින් බර­ප­තළ ලෙස තුවාල ලබා කොළඹ ජාතික රෝහල් දැඩි සත්කාර ඒක­කයේ දින 26 ක් ප්‍රති­කාර ලබ­මින් සිටි ඔහු පසු­ගිය 03 දා පස්ව­රුවේ අභා­ව­ප්‍රාප්ත විය.

මිය­යන විට හත­ළිස් හත්වැනි වියේ පසු වූ භක්ති ධර්ම­ප්‍රිය මෙන්ඩිස් මහතා එක්දරු පියෙකි.

ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ ජන­ස­න්නි­වේ­දන අධ්‍ය­යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය ඉමේෂා ධර්ම­සේන මහ­ත්මි­යගේ ආද­ර­ණීය ස්වාමියා වන ඒ මහතා මාලඹේ හොර­යි­සන් විදු­හලේ අධ්‍යා­ප­නය ලබන දීමත් තේජක මෙන්ඩිස්ගේ දයා­බර පියා­ණන් වේ.

තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

පුව­ත්පත් කිහි­ප­යක කලක් සේවය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය­වේදී සුග­ත­පාල මෙන්ඩිස් මහ­තාගේ පුත්‍රයා ද වන භක්ති ධර්ම­ප්‍රිය මෙන්ඩිස් මහතා සහෝ­ද­රි­යන් තිදෙ­න­කුගේ සහෝ­ද­රයා ද විය.

ගාල්ලේදී උපත ලද භක්ති ධර්ම­ප්‍රිය මෙන්ඩිස් මහතා ගාල්ල රිච්මන්ඩ් විදු­හලේ කීර්ති­මත් ආදී සිසු­වකු වන අතර ඒ මහ­තාගේ දේහය මේ වන­විට ගාල්ල, බූස්ස, මහ­ගෙ­දර වත්තේ පිහිටි නි‍ෙවසේ තැන්පත් කර තිබේ.