බීඩි මිල ඉහළට - නව මිල ගණන් මෙන්න
සමස්ත ලංකා බීඩි නිෂ්පාදකයන්ගේ සහ බීඩිකොළ, දුම්කොළ ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ, බීඩි මිල ලබන අඟහරුවාදා (ඔක්තෝබර් 10) සිට ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි.
මෙම මිල වැඩිකිරීමත් සමඟ:
අගල් දෙකයි කාල ප්‍රමාණයේ බීඩියක් : සිල්ලර මිල රුපියල් 15 දක්වා (පෙර මිල රුපියල් 10).
අඟල් දෙක ප්‍රමාණයේ සහ රතු නූල් බීඩියක් : සිල්ලර මිල රුපියල් 13 දක්වා (පෙර මිල රුපියල් 9.50).
එම සංගමය පෙන්වා දෙන්නේ, බීඩියක් සඳහා පැවති රුපියල් 2ක බදු වර්තමාන ආණ්ඩුව විසින් රුපියල් 3 දක්වා ඉහළ දැමීම, සෙසු නිෂ්පාදන වියදම් (ඉන්ධන, කම්කරු ගාස්තු ඇතුළු) ඉහළ යාම නිසා මෙම මිල වැඩිකිරීම සිදුවීම බවයි.
බීඩියක නිෂ්පාදන පිරිවැය දැන් රුපියල් 13.75 පමණ වුවද, පසුගිය කාලයේදී එයට අඩු මිලකට වෙළඳපොළට සැපයීමෙන් කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇතිවී ඇති බව සංගමය සඳහන් කරයි. රජයට නිසි පරිදි බදු ගෙවීමට නම් මෙම මිල ඉහළ දැමීම අනිවාර්ය බව ද ඔවුන් පෙන්වා දෙයි.
බීඩි කර්මාන්තයේ ප්‍රධාන අමුද්‍රව්‍ය වන "තෙන්දුකොළ" (බීඩිකොළ) නීති විරෝධීව ආනයනය වීම වැළැක්වීමට බලධාරීන්ගේ අසමත්කම නිසා කර්මාන්තය තවදුරටත් අවිනිශ්චිත තත්ත්වයක පවතින බවත්, සියලුම බීඩි ව්‍යාපාරිකයන් නව මිලට හෙට සිට බීඩි අලෙවි නොකළහොත් එයට රජයේ අවධානය යොමු විය යුතු බවත් සංගමය අවධාරණය කරයි.
එසේම, බීඩිකොළ සම්බන්ධ නීති විරෝධී තත්ත්වය මගහරවා ගැනීමට වර්තමාන රජයෙන් මැදිහත්වීමක් ඉල්ලා ඇති බව ද ඔවුන් වැඩිදුරටත් පවසයි.