සැලූන් යන කාන්තාවන්ට ඇස් උඩ යන ආරංචියක් - කොණ්ඩය හදාගන්න ගිය කත,කෙස් ගස් සම්පූර්ණයෙන් ගැලවී බරපතල තත්ත්වයෙන් රෝහලේ...
මිනුවන්ගොඩ ප්‍රදේශයෙන්, සාදයකට සහභාගි වීම සඳහා හිස කෙස් සකසා ගැනීමට ගිය කාන්තාවකට හිසේ ගැල්වූ ද්‍රව්‍යයන් ආසාත්මික වීම හේතුවෙන් සිය හිස කෙස් සියල්ල ගැලවී ගිය පුවතක් වාර්තා වී තිබෙනවා.
මිනුවන්ගොඩ පොලිසිය පවසන්නේ, හිස කෙස් ගැලවී යාමේ බරපතල තත්ත්වයක් ඇති වීම හේතුවෙන් අදාළ කාන්තාව මේ වන විට ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි.
මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ මිනුවන්ගොඩ බොරගොඩ වත්ත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි විවාහක කාන්තාවක්. ඇය සාදයකට සහභාගී වීම සඳහා හිස කෙස් සකසා ගැනීමට මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි රූපලාවන්‍යාගාරයක් වෙත ගොස් ඇති අතර එහිදී කොණ්ඩය සැකසීම සඳහා හිස ගල්වන ද්‍රව්‍යයන් කිහිපයක්ම ගැල්වීම සිදුකර තිබෙනවා.
වාර්තා වන්නේ, මෙම ආලේපන යෙදීම නිසා කාන්තාවගේ හිසේ දැඩි දැවිල්ලක් සමග අපහසුතාවයක් දැනීමට පටන් ගෙන ඇති අතර ඒ බව එහි සිටි සේවිකාවන්ට පවසා ඇති බවයි.
එහිදී සේවිකාවන් විසින් අදාළ කාන්තාවගේ හිස සෝදා පිස දමා තිබෙනවා. පවතින අධික අපහසුතාවය නිසා එම කාන්තාව හිස පිරිමැදීමට පටන් ගෙන ඇති අතර එහිදී ඇයගේ හිසකෙස් සම්පූර්ණයෙන්ම ගැලවී අතට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් එම කාන්තාව පවසා ඇත්තේ කොණ්ඩය සැකසීම සඳහා රුපියල් පහළොස්දහසක කුලියක් ද රූපලාවන්‍යාගාරයෙන් ලබා ගෙන ඇති බවයි.